ජාතික හැඳුනුම්පත් ගාස්තු 2018 / 09 / 01 දින සිට සංශෝධනය කෙරේ. >

පිහිටීම

මධ්‍යම පළතේ, මහනුවර දිස්ත්‍රික්කයේ, උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ අංක 13, සඟබෝගම ග්‍රාම නිලධාරි වසම පිහිටා තිබේ. මෙහි නිරපේක්ෂ පිහිටීම උතුරු අක්ෂාංශ 7˚ 24 76’’ අතර හා නැගෙනහිර දේශාංශ  80˚ 58 81’’ ත් අතර පිහිටා තිබේ. වසමේ විශාලත්වය හෙක්ටයාර 17.38 වේ. වසමේ සීමා මායිම් ලෙස උතුරින් පැණිදෙණිය ද, දකුණින් යාලේගොඩ නැගෙනහිර ද, නැගෙනහිරින් මීවතුර හා බටහිරින් යාලේගොඩ බටහිර යන වසම් වලට මායිම්ව පිහිටා තිබේ.

කදුකර තෙත් කළාපයට අයත් භූමි ප්‍රදේශයක පිහිටා ඇති නිසා වර්ෂය පුරා මෝසම් සහ සංවහන වර්ෂාව මඟින් වැසි ලැබෙන අතර මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මි.මි 3000 ක පමණ අගයක් ගනී. මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය 24 c˚- 25 c˚ පමණ වේ. ප්‍රදේශයේ රතු දුඹුරු ලැටසෝල් පස හා රතු කහ පොඞ්සොලික් පස ද දක්නට ලැබේ.

සඟබෝගම වසම පේරාදෙණිය පොලිස් බල ප්‍රදේශයට අයත් වන අතර,  අලපලාවල ගොවිජන සේවා බල ප්‍රදේශය තුළ පිහිටා ඇත. එසේම ගඟ පළාත උප්පැන්න විවහ මරණ රෙජිස්ටාර් බල ප්‍රදේශයට අයත් වන අතර  සමෘද්ධි බැංකු සේවා කළාපය ගඩලාදෙණිය වේ.


Share:

Related Posts:

No comments:

Post a Comment


Saturday, June 21, 2025

Blog Archive

Recent

Comment

Comments

recentcomments

Ads

Flickr

Featured Posts

Followers

Ads